තරගාවලියේ අපරාජිත වාර්තාව තවදුරටත් ජැෆ්නා ස්ටැලියන්ස්

12

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, හම්බන්තොට පැවැති තරගාවලියේ 8 වැනි තරගයෙන් ද ඔවුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තා.

නායක තිසර පෙරේරා පන්දු 28කින් වේගවත් ලකුණු 68ක් රැස් කළේ හයේ පහර සහ හතරේ පහර 5 බැගින් එල්ල කරමින්.

ධනංජය ද සිල්වා පන්දු 38කින් ලකුණු 61ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 46ක් සහ අසේල ගුණරත්න ලකුණු 31ක් ලබා ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ තිසර පෙරේරා.

Your Comments