ඩේවිඩ් වෝනර්ගෙන් ත්‍රිත්ව ශතකයක්

8

ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු‍ 6ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.

බාබර් අසාම් නොදැවී ලකුණු 43යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු‍ 4ක් බිඳ දැම්මා.

ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු‍ 3ක් දැවී ලකුණු 589ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමටයි අද තිරණය කළේ.

එහිදී ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කරමින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 335ක්.

රැස් කළ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 39ක් ඇතුළත්.

මර්නස් ලබුෂේන් ලකුණු 162ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ල සඳහා ගොඩ නැගුණු සබඳතාව ලකුණු 361ක්.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි කඩුලු‍ 3ක් දවා ගත්තා.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා පාකිස්තානය පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 493ක්.

Your Comments