ඩු ප්ලෙසිස්ට සහ මිලර්ට LPL තරගාවලිය අහිමිවීමේ අවදානමක්

28

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ෆෆ් ඩු ප්ලෙසිස්ට සහ ඬේවිඞ් මිලර්ට එම අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය පැවැත්වීම සදහා දකුණු අප්‍රිකා රජය විසින් එරට ක්‍රිකට් ආයතනයට අවසර ලබා දීමත් සමගයි.

ඒ අනුව ලෝක ශූර එංගලන්ත කණ්ඩායම මෙම තරග සංචාරයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව 20යි 20 තරග 3කට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

නොවැම්බර් 27 වනදා ආරම්භ වන තරගාවලිය දෙසැම්බර් 9 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කර ගනිමින් එංගලන්ත කණ්ඩායම නොවැම්බර් මැද භාගයේ දී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි

එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස්ට සහ දඹුල්ල හෝක්ස් කණ්ඩායමේ ඬේවිඞ් මිලර්ට අමතරව එංගලන්ත ක්‍රීඩක ඬේවිඞ් මලාන්ට ද එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා.

ඬේවිඞ් මලාන් එල්.පී.එල් තරගාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.

Your Comments