ඩක්වර්ත් ලු‍විස් කොළඹ ට ජය ගෙන දෙයි

15

සුපිරි පළාත් එක්දින තරගාවලිය යටතේ කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ඩක්වර්ත් ලු‍විස් න්‍යාය යටතේ ලකුණු 3ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් වුණා.

මහනුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලු‍ 6ක් දැවී ලකුණු 289ක් ලබා ගත්තා.

ෂෙහාන් ජයසූරිය ලකුණු 115ක් සහ ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 84ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට අයහපත් කාළගුණ තත්ත්වයෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් පන්දුවාර 39ක් අවසානයේ ඔවුන්ට කඩුලු‍ 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි.

නායක දිමුත් කරුණාරත්න ලකුණූ 44ක් සහ සන්ගීත් කුරේ ලකුණූ 82ක් රැස් කළා.


කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලකුණු 289ක් ලැබූ අතර අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට මහනුවර පිල ඕවර 39කදී කඩුලු පහකට ලකුණු 205ක් ලබා සිටියේය.

ලකුණු 290ක ඉලක්කයක් හඹායද්දී මහනුවර කණ්ඩායමේ සංගීත් කුරේ විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 100කට මුහුණ දී හතරේ නවයක් සමග අගනා ලකුණු 82ක් ලැබීය.මීට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 44ක්ද (පන්දු 58යි හතරේ පහයි) පැතුම් නිශ්ශංක 36ක්ද (පන්දු 35යි හතරේ 2යි) ලැබූහ. මෙහිදී දෙවන කඩුල්ලට කරුණාරත්න හා කුරේ එක්කළ ලකුණු ප්‍රමාණය 80කි.

මේ වසරේ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ දී කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය පන්දු 133කදී හතරේ නවයක් හා හයේ පහර දෙකක් සමග ලකුණු 115ක් ලබා ගනිමින් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළේය. ෂෙහාන් දැක්වූ මේ දස්කම් මත කොළඹ කණ්ඩායමට කඩුලු හයකට ලකුණු 286ක් වැනි සංඛ්‍යාවකට  යාමට අවස්ථාව උදාවිණි.

සෙහාන් ජයසූරිය සමග නායක දිනේෂ් චන්දිමාල් (ලකුණු 35යි පන්දු 34යි හතරේ හතයි) තෙවන කඩුල්ල එක්කළ ලකුණු සංඛ්‍යාව 66කි. පසුව සිව්වන කඩුල්ල ෂෙහාන් සමල එක්වූ ඇන්ජලෝ පෙරේරා ඕවර 24කදී එක්කළ ලකුණු ප්‍රමානය 138කි. එය ඕවරයකට සමාන්‍ය ලකුණු 6 ආසන්න ප්‍රමාණයකි.

මෙදින විශිෂ්ට පිතිහරඹයක නියැලුණු ඇන්ජලෝ පෙරේරා පන්දු 82කට පමණක් මුහුණ දී ලකුණු 84ක් ලබාගත්තේ හතරේ නවයක් හා හයේ පහරක් සමගය. සීක්කුගේ ප්‍රසන්න පන්දු 11කදී හයේ පහරක් හතරේ පහරක් සමග ලකුණු 17ක් ලැබීය.

Your Comments