ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් ඉන්දියාවට ලකුණු 89ක ජයක්

6

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගයෙන් පාකිස්ථානය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර් හි පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5 දැවී ලකුණු 336 ක් ලබාගත්තා.
රෝහිට් ෂර්මා ලකුණු 140යි.

පන්දු යැවීමේ දී මොහොමඞ් අමීර් කඩුලූ තුනක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ජය ගැනීමට පන්දුවාර 40කදී හිමිවූ ඉලක්කය ලකුණු 302ක්.

කෙසේ වෙතත්, ඔවුන්ට කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 212ක් පමණයි.

ෆකාර් සමාන් ලකුණු 62යි.

Your Comments