ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඇෆ්ඝනිස්තානයේ මංගල ටෙස්ට් ඉනිම ලකුණු 109කට සීමා වෙයි

39

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඇෆ්ඝනිස්තානයේ මංගල ටෙස්ට් ඉනිම ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
ඒ දෙරට අතර මේ වනවිට බැංගලෝර්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලූ දෙනා දැවී ලකුණු 474ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස ඇෆ්ඝනිස්තානයට සියලූ පිතිකරුවන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.
මොහොමඩ් නබී ලකුණු 24යි.
රවිචන්ද්‍රන් අශ්වින් කඩුලූ 4ක් බිද හෙලූ අතර රවීන්ද්‍ර ජfඬ්ජා සහ ඉෂාන්ට් ෂර්මා කඩුලූ 2 බැගින් බිද හෙලූවා.
ඒ අනුව ඇෆ්ඝනිස්තානය මේ වනවිට අඛණ්ඩව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටිනවා.

Your Comments