ජොන්සන් යාපනයට – ටේලර් මහනුවරට

10

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින පිතිකරු ජොන්සන් චාර්ල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රවී බොපාරා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හයවැනි විදෙස් ක්‍රීඩකයා වන්නේ ජොන්සන් චාර්ල්ස්.

එළඹෙන 25 වනදා ඔහු දිවයිනට ළගා වීමට නියමිත යි.

යාපනය කණ්ඩායමේ පළමු තරගය ලබන 27 වනදා ගාලු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ගෝල් ග්ලැඩියේටස් නායකයා ලෙස ශහිඞ් අෆ්රිඩි පත් කර තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ලසිත් මාලිංග, සර්ෆ්‍රාස් අහ්මඞ් වැනි ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වීමත් සමගයි ඔහු කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ.

අෆ්රිඩි ලබන 23 වනදා දිවයිනට ළගා වීමට නියමිතයි.

එල් පී එල් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වන්නේ කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර තරගයෙන්.

සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළ කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් වෙනුවට ටේලර් එම කණ්ඩායම සමග එක්වී ඇති බව සදහන්.

ඔහු ලබන 25 වනදා දිවයිනට ළගා වීමට නියමිතයි.

Your Comments