ජැෆ්නා ස්ටැලියන්ස් දඹුල්ල වයිකිංග් පරදයි – කැන්ඩි ටස්කර්ස් ගෝල් ග්ලැඩියේටර්ස් පරදයි – අදත් තවත් තරග දෙකක්

6

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 වන සහ 6 වන තරග ඊයේ පැවැත්වුණා.

ඒ ජැෆ්න් ස්ටැලියන්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකිංග් කණ්ඩායම අතර සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතරයි.

එහිදී 5 වන තරගය වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකිංග් කණ්ඩායම අතර තරගයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 66ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත් වූවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 7කට ලකුණු 218ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් දඹුල්ල වයිකිංග් කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 19.1ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 152ක් පමණයි.

තිසර පෙරේරා තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

6 වන තරගයෙන් ලකුණු 25කට ජයක් ලබාගැනීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත් වූවා.
ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 196ක් ලබාගත් අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි.

තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් ටේලර් නම් කෙරුණා.

මේ අතර තරගාවලියේ 7 වන සහ 8 වන තරග දෙක අද දිනයේදීද පැවැත්වෙනවා.

ඒ අනුව 7 වන තරගය පස්වරු 3.30ට පැවැත්වෙන්නේ කලම්බෝ කිංග්ස් සහ දඹුල්ල වයිකිංග් කණ්ඩායම් දෙක අතරයි.
ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩ් ටස්කර්ස් අතර තරගය තරගාවලියේ 8 වන තරගය ලෙසින් අද(01) රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

සියලුම තරග පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

 

Your Comments