ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද යළි ඇරඹේ

22

කොරෝනා වසංගතයත් සමග අත්හිටුවීමට සිදු වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද සිට යළි ආරම්භ කෙරෙනවා.
ඒ, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමගින්.
තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට සවුත්හැම්ටන්හී දී ආරම්භ වීමට නියමිතයි.
පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බෙන් ස්ටොක්ස්ට හිමිව තිබෙනවා.
ඒ, පෞද්ගලික හේතුවක් නිසා මෙම තරගයට නිත්‍ය නායක ජෝ රූට් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.
බෙන් ස්ටොක්ස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

Your Comments