ජගත් ක්‍රිකට් කවුන්සලය නවතම ටෙස්ට් ක්‍රීඩක ශේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරයි

22

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ටෙස්ට් ක්‍රීඩක ශේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

 

ඒ අනුව එංගන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් පෙරේරා 47 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එම තරගයේ දී ශතකයක් ලබා ගත් ළහිරු තිරිමාන්න 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 12කින්.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලසිත් ඇඹුල්දෙණිය 47 වන ස්ථානය දක්වා ස්ථාන 6කින් ද, අසිත ප්‍රනාන්දු 96 වන ස්ථානය දක්වා ස්ථාන 11කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Your Comments