ජගත් ක්‍රිකට් කවුන්සලය පිරිනමන සම්මාන සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු නිර්දේශිතයි

8

පසුගිය දශකයක කාලය තුළ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය පිරිනමන සම්මාන සදහා වන නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු ද නිර්දේශිත වී තිබීම විශේෂත්වයක්.

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශිත වී ඇති නම් අතරට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ද ඇතුළත්.

විරාට් කෝලි, රවිචන්ද්‍රන් අශ්වින්, ජෝ රූට්, කේන් විලියම්සන්, සටීව් ස්මිත් සහ ඒ.බී ඩි විලියස් යන ක්‍රිඩකයින් එම සම්මානය සදහා නිර්දේශිත සෙසු ක්‍රීඩකයින් වනවා.

දශකයේ එක්දින ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට කුමාර් සංගක්කාර සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබීම ද විශේෂත්වයක්.

දශකයේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා මෙරටින් නිර්දේශ වී ඇත්තේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

ඊට අමතරව දශකයේ 20යි 20 ක්‍රීඩකයා සම්මානය සදහා ද ලසිත් මාලිංග නිර්දේශ වී තිබෙනවා.
දශකයේ ක්‍රීඩාවේ ජීව ගුණයට හිමි සම්මානයට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන නිර්දේශ කර ඇති අතර, එම සම්මානය සදහා නිර්දේශිත නම් සංඛ්‍යාව 9ක්.

Your Comments