චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් ජයක්

4

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ කඩුලු 7කින් පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.
චෙන්නායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 108ක් ලබා ගත්තා.
ඇන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 50යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 16ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.
ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 43යි.
මෙම ජයග්‍රහනයත් සමගින් චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මේ වන විට සමත්ව තිබෙනවා.

Your Comments