චමරිගෙන් ශෂිකලාට එක්දින නායකත්වය මාරුවෙයි (PHOTOs)

14

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා වන ශ‍්‍රී ලංකා කාන්තා සංචිත ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමි වී නොමැති අතර, ඒ අනුව කණ්ඩායමේ නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත් 20යි 20 කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින්ම දැරීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අදාළ තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ 20යි 20 තරග තුනකට ක්‍රීඩා කරනු ඇති.

ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

 

 

 

Your Comments