චන්දිමාල් – දික්වැල්ල : නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් සංචිතයට කැඳවයි

14

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඊට හිටපු නායක දිනේෂ් චන්දිමාල් මෙන්ම නිරෝෂන් දික්වැල්ල ද නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

දෙරට අතර පළමු තරගය ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

සංචාරක නවසීලන්තය සමග පැවැත්වෙන සියලු තරගවල නිල ගුවන්විදුලි විකාශන අයිතිය, සිත FM, RED FM මෙන්ම NEWS24 ඇතුළු SKY මාධ්‍ය ජාලය සතුයි.

Your Comments