ගේල්ගෙන් තවත් වාර්තාවක්

17

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ඊයේ තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, කොදෙව්වන් වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස ඉතිහාස ගත වෙමින්.

ඔහු මෙම දක්ෂතාවය දැක් වූයේ ඉන්දියාව සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දීයි.

ක්‍රිස් ගේල් මේ වන විට එක්දින පිටියේ දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 10,353ක්.

මීට පෙර කොදෙව්වන් වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් අදාළ වාර්තාවට හිමිකම් කීවේ කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා.

ඔහු ලබා ගෙන තිබූ එක්දින ලකුණු සංඛ්‍යාව 10,348ක්.

Your Comments