කොළඹ ක්‍රිකට් සමාජයට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

9

නායක කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය සහ වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොළඹ ක්‍රිකට් සමාජය සමත් වුණා.

සී.සී.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුවන් හමුදා කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

කළන විජේසිරි ලකුණු 43 ක් සහ සමීර ද සොයිසා ලකුණු 40 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 38කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සී.සී.සී කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසුකළේ පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදී.කුසල් මෙන්ඩිස් පන්දු 52කදී නොදැවී ලකුණු 81ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 5ක් සමගින් .

Your Comments