කොරෝනා වැළඳී සුවය ලැබූ පාකිස්ථානු ක්‍රීඩකයන් එංගලන්තය බලා පිටත්වීමට සූදානම්

26

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී පසුව එම වෛරසය ශරීර තුළ නොමැති බවට දෙවැනි වරටත් අණාවරණය වූ පාකිස්තාන ක්‍රීඩකයින් 6 දෙනා අද එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
යන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.
ෆකාර් සමාන්, මොහොමඞ් හස්නයින්, මොහොමඞ් හෆීස්, මොහොමඞ් රිස්වාන්, ශඩාබ් ඛාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින් මෙලෙස පිටත්ව යන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මේ වන විටත් පාකිස්තාන ක්‍රීඩකයින් 20 දෙනෙකු එංගලන්තයට පැමිණ සිටින අතර, ඔවුන් දින 14ක් නීරෝධායනයකට ලක් වෙමින් සිටිනවා.
ඒ අතරතුර දී ඔවුන්ට පුහුණු කටයුතු සදහා ද අවස්ථාව ලබා දී තිබෙනවා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජූලි 30 වනදා ආරම්භ වීමට නියමිතයි.

Your Comments