කොරෝනා නිසා ප්‍රේක්ෂකයින් නොමැතිව ප්‍රවීණයින්ගේ 20යි 20 තරගාවලිය පැවැත්වීමමේ තීරණයක්

39

මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධාන කර ඇති විශ්‍රාමික ප්‍රවීණයින්ගේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වය නොමැතිව පැවැත්වීමට තරග සංවිධායකින් තීරණය කර තිබෙනවා.
ඒ, කෝවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයේ සිට ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීම සදහා අවස්ථාව හිමි නොවනු ඇති.
මේ වන විටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති ප්‍රේක්ෂකයින්ට ඊට අදාළ මුදල් නැවත ගෙවන බව ද තරග සංවිධායකයින් පවසනවා.

Your Comments