කොදෙව් 20යි 20 තරගාවලියේ නායකත්වය ඇන්ජලෝට

7

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියේ නායකත්වය හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.

 

ඒ 20යි 20 නායකත්වය සඳහා නම් කළ දසුන් ශානකට කොදෙව් දේශය බලා පිටත්ව යාමට අවශ්‍ය වීසා බලපත්‍ර තවමත් නොලැබීම හේතුවෙන්.

දසුන් ශානක මෙරට රැදී සිටින අතර අමෙරිකාවේ සිට කැරිබියන් දූපත් රාජ්‍යයන්ට ලගාවීම සඳහා ලබාදෙන වීසා බලපත්‍ර තවදුරටත් ඔහුට නොලැබී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් දසුන් ශානකගේ කොදෙව් සංචාරය තවදුරටත් ඇත්තේ අවිනිෂ්චිත තත්ත්වයකයි.

එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 තරගයත් සමග තරගාවලිය ආරම්භ වන අතර එයට 20යි 20 තරග 3ක්, එක් දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත්.

 

Your Comments