කොදෙව් දකුණු අප්‍රිකා තරගයට වැස්සෙන් බාධා

14

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. 15 වන තරගය අද (10) පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම වර්ෂාව පතිත වන විට පන්දුවාර 7.3කට මුහුණදී කඩුලු දෙකක් දැවී ලකුණු 29ක් ලබා සිටිනවා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඩි කොක් පන්දු 21කදී ලකුණු 17ක් ලබාගෙන සිටින අතර ෆෆ් ඩූ ප්ලෙසසිස් ලකුණා නොලබා පන්දුවට පහර දෙමින් සිටිනවා.
දැවී ගිය ක්‍රිඩකයන් වන්නේ හසීම් අම්ලා ලකුණු 6ක් සහ ඒඩන් මර්ක්‍රම් ලකුණු 5ක් ලබා සිටියා. එම කඩුලු දෙකම දවා ගැනීමට සමත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂෙල්ඩොන් කොට්ට්‍රරෙල් ය.

 

Your Comments