කොදෙව්වන්ට තරග 3ට 0ක පරාජයක්

5

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවති තෙවන හා අවසන් තරගයෙන් එංගලන්තය කඩුළු 8ක ජයක් වාර්තා කිරිමත් සමගයි.
ශාන්ත කිට්ස් හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 71ක් පමණයි.
පන්දු යැවීමේදි ඬේවිඞ් විලී ලකුණු 7කට කඩුළු 4ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්තය පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Your Comments