කොදෙව්වන්ට එරෙහි ටෙසට් තරගාවලියෙන් එංගලන්තයට 2 – 1 ක ජයක්

23

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.
ඒ දෙරට අතර පැවැති අවසන් තරගයෙන් ඔවුන් ලකුණු 269ක ජයක් ලැබීමත් සමගයි.
මෙම තරගාවලියේ පළමු තරඟය කොදෙව් කණ්ඩායම ජය ගත් අතර, දෙවන තරඟ ජය ගත්තේ එංගලන්තයයි.
ඊයේ අවසන් වූ තුන් වන තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 399ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායමට හිමි වූ නමුත්, ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 129කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වුණා.
අවසන් තරඟයේදී දවා ගත් කඩුලු 4ත් සමඟ ස්ටුවට් බ්‍රෝඞ් කඩුලු 500ක් ලබාගත් වේග පන්දු යවන්නන් අතර සිව්වන ස්ථානයට පත්වීම ද විශේෂත්වයක්.

Your Comments