කොදෙව්වන්ට එරෙහි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීම බෙන් ස්ටොක්ස්ට

16

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බෙන් ස්ටොක්ස්ට හිමිව තිබෙනවා.
ඒ, පෞද්ගලික හේතුවක් නිසා එම තරගයට නිත්‍ය නායක ජෝ රූට් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.
ජෝ රූට්ගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු ප්‍රසූතියට සූදානමින් සිටින බැවින් ඔහු අද දිනයේ දී පුහුණු සංචිතයෙන් ඉවත් වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ඒ අනුව එංගලන්ත සංචිතයේම ක්‍රීඩකයින් අතර අද ආරම්භ වන තෙදින පුහුණු තරගය ද ජෝ රූට්ට අහිමි වනු ඇති.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 8 වනදා ආරම්භ වන අතර, එම තරගයේ දී උප නායකයා ලෙස ජොස් බට්ලර් කටයුතු කරනවා.

Your Comments