කුසල් මෙන්ඩිස් විවේක ගන්වයිද ?

17

කුසල් මෙන්ඩිස් යම්කිසි පසුබෑමක පසුවීම හේතුවෙන් ඔහු විවේක ගන්වා තැබිය යුතු බව ප්‍රවීණ ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා පවසනවා.

දිගින් දිගටම අසාර්ථක භාවයට පත්වීම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අනාගතයට විශාල බලපෑමක් එල්ලකළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය තරඟ කිහිපයකදීම කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියද දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අඩුපාඩුවක් හේතුවෙන් ඔහුට දිගින් දිගට ඉඩ දී ඇති බවයි බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා කියා සිටියේ.

ටෙස්ට් තරඟයක කඩුල්ලේ රැඳී සිටීම කෙරෙහි පිතිකරුවන් විශේෂ අවධානයක් යොමු කල යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

සංචාරක එංගලත්න කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස් තරගයේ දෙවන දිනය අදයි.

Your Comments