කුසල් මෙන්ඩිස් යළිත් ටෙස්ට් සංචිතයට

2

එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
තරග දෙකකින් සමන්විත එම තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.
නිමා වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී දක්ෂතා අතරට අවතීර්ණ වීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දකුණු අප්‍රිකා තරගාවලියට එක් නොවූ ඇන්ජෙලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, ලක්ෂාන් සදකැන්, නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත්.

එමෙන්ම ආබාධවලට ලක්ව සිටි ඕෂධ ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ද එංගලන්ත තරගාවලියේ දී සිය ස්ථානය තහවුරු කර ගෙන සිටිනවා.

එමෙන්ම දකුණු අප්‍රිකා තරග සංචාරය වෙනුවෙන් නම් කෙරුණු සන්තුෂ් ගුණතිලක සහ දිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතය සදහා ඇතුළත්ව නැහැ.

සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ද අනුමැතිය හිමිව තිබෙනවා.

Your Comments