කුසල් බිංදුවෙන් තුනට

9

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක එංගලත්න කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

 

ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න මෙම තරගය සඳහා ක්‍රීඩා නොකරන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබෙනවා.

මෙම තරගයේ දී ද කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර ඔහු අඛණ්ඩව ඉනිම 4 කදී ලකුණු නොලබා දැවී ගියා.

ඒ අනුව අඛණ්ඩව ඉනිම 4 කදී ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර තෙවනි ක්‍රීඩකයා බවට කුසල් මෙන්ඩිස් පත් වුණා.

මීට පෙර ගයි ද අල්විස් ක්‍රීඩකයා එලෙස ලකුණු නොලබා දැවී ගිය අතර ඔහු 1986 සිට 1988 කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

2015 සහ 2017 වසරවලදී නුවන් ප්‍රදීප් ද මෙලෙස ඉනිම 4 ක දී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

Your Comments