කුසල් පෙරේරා, මෙන්ඩිස් සහ දික්වැල්ල ඕස්ට්‍රේලියාවට එරෙහි T20 සංචිතයට කැඳවයි

9

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් එළඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති බව වාර්තා වනවා.
ඔහුට අමතරව කුසල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් ද ඔස්ටේ්‍රලියාවට එරෙහි 20යි 20 තරගාවලිය සදහා වන ක්‍රීඩකයික් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බව සදහන්.
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සදහා පාකිස්තාන තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයින් 12 දෙනෙකු ද නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව භානුක රාජපක්ෂ, ඕෂද ප්‍රනාන්දු, වනිදු හසරංග, ෂෙහාන් ජයසූරිය සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් සංචිතයේ සිය ස්ථාන රැක ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා ඇඩිලේඞ්හී දී පැවැත්වීමට නියමිතයි.

Your Comments