කුල්දීප්, 20/20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට

13

නවතම පන්දුවාර 20යි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අනුව එහි පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි දෙවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණිමට ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් සමත්ව ඇති බව සදහන්.
ඒ, නවසීලන්තය සමග නිමා වූ තෙවන 20යි 20 තරගයේ දී ඔහු කඩුලු 2ක් බිද හෙලීමට සමත්වීමත් සමගයි.
එමෙන්ම පාකිස්තානයේ ඉමාඞ් වසීම් සිව්වන ස්ථානය දක්වා ස්ථාන පහකින්ද, නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් 10 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ අතර, නවසීලන්ත නායක කේන් විලියම්සන් පිතිකරණ අංශයේ 12 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Your Comments