කුමාර සංගක්කාර හෙට විශේෂ විමර්ශන ඒකකයට

16

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හෙට පෙරවරු 9 ට ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.
ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මෙම සිද්ධියට අදාළව අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද එම ඒකකය ප්‍රකාශයක් ලබා ගත්තා.
හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ද ඊයේ පස්වරුවේ එම ඒකකයට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය පහමාරක කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

Your Comments