කිංග්ස් ලෙවන් හිමිකරුවන් විසින් ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම මිලදී ගනී

14

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ හිමිකරුවන් විසින් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායමක් වන ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.
සුපිරි බොලිවුඞ් නිලි ප්‍රීටි සින්ටා ද සාමාජිකත්වය දරන කේ පී එච් ඩී්‍රම් ක්‍රිකට් පුද්ගලික ආයතනය විසිනුයි මෙම මිලට ගැනීම සිදු කර ඇත්තේ.
බොලිවුඞ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන චිලිස් එන්ටර්ටේන්මන් සමාගම විසින් ද මේ වන විට ඉන්දියාවේ කොල්කටා නයිට් රයිඞ්රස් කණ්ඩායමේ අයිතිය හැරුණු විට කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායමක් වන ටි්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ද හිමිකාරීත්වය දරනු ලබනවා.
ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම පසුගිය තරග වාරය සදහා අවසන් මොහොතේ ඇතුළත් කෙරුණේ ශාන්ත ලුසියා ස්ටාර්ස් කණ්ඩායම වෙනුවටයි.
ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කොදෙව් හිටපු නායක ඩැරන් සැමී.

Your Comments