කිංග්ස් ඉලවන් පංජාබ් නම සංශෝධනය කිරීමට තීරණය කරයි.

12

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ප්‍රභල කණ්ඩායමක් වන කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායමේ නම සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඇරඹෙන අයි පී එල් තරගාවලියේ සිට කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම පංජාබ් කින්ග්ස් යන නමින් තරග කරන බවයි කණ්ඩායම් කළමනාකාරිත්වය සඳහන් කළේ.

එය ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලයට දැනුම් දී ඇති අතර ඊට අනුමැතිය ලැබී ඇති බව ද සඳහන්.

ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා සහ ව්‍යාපාරියින් වන මෝහිද් බුර්මන් හා නෙස් වාඩියා හිමිකාරිත්වය දරණ කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම මෙතෙක් අයි පී එල් ශූරතාවයන් හිමිකරගෙන නැහැ

Your Comments