කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටියා. තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙනු ලැබුවා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවාසනයේ කඩුලු 3ක් දැවී ලකුණු 63ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27ක් තුළ ලකුණු 29ක් ලබාගත්තේ හතරේ පහර පහක් සමගිනි. උපුල් තරංගට ලබාගත හැකි වූයේ පන්දු හයකට පමණක් මුහුණදී ලකුණු 4ක් පමණයි. ඕෂධ ප්‍රනාන්දුට සහ ප්‍රියමාල් පෙරේරාට කිසිදු ලකුණක් ලබාගැනීමට සමත් නොවිය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇන්රිච් නෝර්ට්ජේ කඩුලු දෙකක්ද ලුංගි න්ගිඩි සහ ඩේල් ස්ටෙයින් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.


Your Comments