කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

17

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගය අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කරනු ලැබුවේ පලමුවෙන් පන්දු රැකීමටයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායමෙහි වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Lungi Ngidi වෙනුවට Dwaine Pretorius කණ්ඩායමට කැඳවා ඇති අතර JP Duminy කණ්ඩායමට කැඳවා ඇත්තේ David Miller වෙනුවටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් ප්‍රදීප් වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ එංගන්තයේ ඩර්හැම්හි Chester-le-Street හිදීයි.

South Africa: 1 Quinton de Kock (wk), 2 Hashim Amla, 3 Aiden Markram, 4 Faf du Plessis (capt), 5 Rassie van der Dussen, 6 JP Duminy, 7 Andile Phehlukwayo, 8 Dwaine Pretorius, 9 Chris Morris, 10 Kagiso Rabada, 11 Imran Tahir

Sri Lanka: Dimuth Karunaratne (capt), 2 Kusal Perera (wk), 3 Avishka Fernando, 4 Kusal Mendis, 5 Angelo Mathews, 6 Jeevan Mendis, 7 Dhananjaya de Silva, 8 Thisara Perera, 9 Isuru Udana, 10 Lasith Malinga, 11 Suranga Lakmal

Your Comments