කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට – පළමුව පන්දු රකියි (LIVE- 88.8/88.6)

26

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට හිමි වුනා.

ඔවුන් ඒ අනුව පළමුව පන්දු රැකීමට තීරණය කළා.

බංග්ලාදේශය සමග තරගය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී.

Teams

  • Bangladesh: Tamim Iqbal, Soumya Sarkar, Shakib Al Hasan, Mushfiqur Rahim (wk), Mohammad Mithun, Mahmudullah, Mosaddek Hossain, Mohammad Saifuddin, Mehedi Hasan, Mashrafe Mortaza (c), Mustafizur Rahman
  • South Africa: Quinton de Kock (wk), Aiden Markram, Faf du Plessis (c), Rassie van der Dussen, David Miller, JP Duminy, Andile Phehlukwayo, Chris Morris, Kagiso Rabada, Lungi Ngidi, Imran Tahir

තරගාවලියේ පළමු තරගය පැවැත්වුනේ දකුණු අප්‍රිකාව සහ සත්කාරක එංගලන්තය අතරයි.

දකුණු අප‍්‍රිකාව පරදා ලකුණු 104ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එහි දී සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප‍්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු‍ 8ක් දැවී ලකුණු 312ක් ලබා ගත්තා.

බෙන් ස්ටොක්ස් ලකුණූ 81යි.

පන්දු යැවීමේ දී ලු‍න්ගි එන්ගිඩී කඩුලු‍ 3ක් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප‍්‍රිකාවට පන්දුවාර 39යි පන්දු 5ක් අවසානයේ සියලු‍ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 68යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් කඩුලු‍ 3ක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකාව දැවැන්ත පරාජයකට ලක්වූ බැවින් අද බංග්ලාදේශය සමග තරගය දකුණු අප්‍රිකාවට වඩා වැදගත් වේවි.

Your Comments