කාසියේ වාසිය උරගා බැලීමත් කල් යයි (PHOTOs)

19

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකිව නැහැ.

ඒ, කොළඹ ප්‍රදේශයට අද අලුයම සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන්.

කාසියේ වාසිය උරගා බැලීම ට ද හැකිව නැහැ.

තරගය පැවැත්වීමට නියමිත පී සරා ඕවල් ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන් ආවරණය කර තිබෙනවා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙරවරු 10ටයි.

තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව 1-0 ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

Your Comments