ක්‍රීඩකයින් 9 කට පාකිස්තාන ක්‍රිකට් ආයතනය අනතුරු අගවයි

14

පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු සහ නිළධාරීන් තිදෙනෙකුට එරට ක්‍රිකට් ආයතනය විසින් අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
ඒ රාවල්පින්ඩිහි පිහිටි ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ජෛව ආරක්ෂිත පරිසරයෙන් මිදී කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන්.
කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත්තේ එරට ජාතික පන්දුවාර 20යි 20 කුසලාන තරගාවලිය අතරතුර දී.
ඔවුන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර, වෛරසය ආසාදනය වී නොමැති බවටයි අණාවරණය වී ඇත්තේ.

Your Comments