ක්‍රිකට් ලෝක කුසලානයේ කාසියේ වාසිය නවසීලන්තයට

16

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තය හිමි කර ගත්තා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද පස්වරු 3ට ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ කිරීමට නියමිතයි.

තරගයේ සියළු විස්තර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සිට සජීවීව සිත FM ඔස්සේ සවන් දිය හැකියි.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා වඩාත් වැඩි අවස්ථාවක් එංගලන්ත කණ්ඩායම සතුව පවතින බව පැවසීම සුදුසු යැයි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පවසනවා.

අවසන් මහා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

තරගාවලිය ආරම්භයේ සිටම එංගලන්තය හොදින් ක්‍රීඩා කළ බවත්, ඔවුන් ඉතාමත් දක්ෂ අයුරින් ක්‍රීඩාවේ නිරත වන බවත් විලියම්සන්ගේ අදහසයි.

මේ අතර, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගත හැකි නම් එය රටට ඉතාමත් වැදගත් වනු ඇති බව එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් පවසනවා.

මෙය වසර 4ක් තුළ සිදු කළ කැපකිරීම්වල අවසන් ප්‍රතිපලය බවයි ඊයේ පවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ.

Your Comments