ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා ගැටුම අද

23

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරෙනු ඇති.

එංගලන්තය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ 1992 වසරෙන් පසුව වන අතර, නවසීලන්තය 2015 වසරේ දී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙකම මෙතෙක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක ශූරතාවය හිමි කර ගෙන නැහැ.

එංගලන්තය මීට පෙර අවසන් මහා තරගය සඳහා අවස්ථා 3කදී සුදුසුකම් ලබා ගත්තා.

ඒ 1979, 1987 සහ 1992 යන වසරවලදීයි.

නවසීලන්තය අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත්තේ පසුගියවර, එනම් 2015 වසරේ දී පමණයි.

අද තරගයේත් පන්දුවෙන් පන්දුව සජීවී විස්තර විචාරයට සිත එෆ් එම් ඔස්සේ සවන් දිය හැකියි.

Your Comments