ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් ඇමති නාමල් පත් කරයි

15

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය පැවැත්වෙන තෙක් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

මහාචාර්ය අර්ජුන් ද සිල්වා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ඈශ්ලී ද සිල්වා, සූජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරිය එහි සෙසු සාමාජිකයන් වේ.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිලදාරීන්ගේ නිල කාලය ලබන සදුදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

Your Comments