ක්‍රිකට් නව පුහුණුකරුවන් නිල වශයෙන් නිවේදනය කෙරෙයි

18

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ, පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මාධ්‍ය හමුව සදහා මිකී ආතර් ද එක්ව සිටියා.

ඔහු ඊයේ සිට සිය ධූරයේ වැඩ ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මිකී ආතර් මීට පෙර දකුණු අප්‍රිකාව, ඔස්ටේ්‍රලියාව සහ පාකිස්තානය යන රටවල පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රාන්ට් ෆ්ලවර් පත් කර ඇති අතර, ඔහු

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ඇති.

පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ෂේන් මැක්ඩර්මෝට් පසුගිය දෙවනදා සිට වැඩ ආරම්භ කර තිබෙනවා.

වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලබන 8 වනදා සිට ඬේවිඞ් සැකර් වැඩ භාර ගනු ඇති.

Your Comments