ක්‍රිකට් කමිටු නිරීක්ෂණයට සත් පුද්ගල කමිටුවකට අවධානය

24

ක්‍රිකට් තේරීම්කමිටු නිරීක්ෂණය සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කිරීමට ජාතික ක්‍රිඩා තේරීම් කමිටුවේ සභාපති යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යෝජනා කර තිබෙනවා.

එම කමිටුව විසින් සියලු තේරීම් කමිටු කටයුතු නිරීක්ෂණය කිරීමට අපේක්ෂිතයි.

කමිටුවේ සභාපතීත්වයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසන්ත ද මෙල් මහතා යෝජනා වී තිබෙනවා.

සෙසු සාමාජිකයින් වන්නේ චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හේමන්ත දේවප්‍රිය, රංජිත් මදුර සිංහ, උවයිස් කර්නයින් සහ නිල්මිණී ගුණරත්න යන මහත්ම මහත්මීන්.

කෙසේ වෙතත් කමිටුව සඳහා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය මෙතෙක් හිමිව නැහැ.

Your Comments