කල්දැමුණු ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග සංචාරයේ නව කාලසටහන කඩිනමින් සැකසීමට අවධානය

24

කල් දැමීමට කටයුතු කෙරුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නව කාලසටහන කඩිනමින් සකස් කර අවසන් කිරීමට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළ සාකච්ඡා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සිදු වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
බංග්ලාදේශයේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් පවතින බැවින් එරට ක්‍රිකට් ආයතනය, කල් දැමීමට සිදු වූ ජාත්‍යන්තර තරග සංචාර යලි සංවිධාන කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව සදහන්.
ආසියානු කුසලාන තරගාවලිය සහ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ගෙන ඇති තීරණ හේතුවෙන්, මීට පෙර කල් දැමුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඉදිරියේ දී සිදු කිරීමේ වැඩි අවස්ථාවක් මේ වන විට උදා වී තිබෙනවා.

Your Comments