කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරුට කොරෝනා ආසාදනය වෙයි

16

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු වන එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති බවටයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
මීට පෙර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේ ඬේව් වට්මෝර්.
මෙම තත්ත්වයත් සමග ලබන 26 වනදා ආරම්භ වන එල්.පී.එල් තරගාවලියේ දී කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අණාවරනය වී නැහැ.
එම කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ද ඇතුළත්.
මේ අතර, කොළඹ කණ්ඩායම නියෝජනය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩි්‍ර රසල් ද අද දිවයිනට පැමිණිමට නියමිතයි.

Your Comments