ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගයෙන් පසු ශ්‍රී ලංකාව මාධ්‍ය හමුව වර්ජනය කිරීමට හේතුව

11

ෙමෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවීමට හේතු වී ඇත්තේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ වරදක් හේතුවෙන් බවට මේ වන විට අණාවරණය වී තිබෙනවා.
මාධ්‍ය හමුව සඳහා දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් පමණක් යොමු කරන ලෙසට කණ්ඩායම් කළමනාකාරිත්වයට අයි.සී.සීය විසින් දැනුම් දී තිබූ බව සදහන්.
ඒ, ඔවුන් දෙදෙනා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුව සදහා ද සහභාගී වී තිබූ පසුබිමකයි.
නායක දිමුත් සහ ඇන්ජෙලෝ එම අවස්ථාවේ දී වෙහෙසට පත් ව සිටීමත්, මානසිකව බිඳවැටී සිටීමත් හේතුවෙන් ඔවුන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව සඳහා යොමු කළ නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් අයි.සී.සීයට දැනුම් දී තිබූ බවයි වාර්තා වන්නේ.
ඒ වෙනුවට කළමනාකරු වන අසන්ත ද මැල් මහතා මාධ්‍ය හමුව සඳහා යොමු කළ හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාරීත්වය විසින් අයි.සී.සීයට දැනුම් දී තිබූ බව සදහන්.
කෙසේ වෙතත්, ඊට අයි.සී.සී අනුමැතිය හිමිව නැහැ.
ඒ අනුවයි ශ්‍රී ලංකාව අදාළ මාධ්‍ය හමුව වර්ජනය කර ඇත්තේ.

Your Comments