ඕස්ට්‍රේලියාවෙන් පකිස්ථානයට 308 ඉලක්කයක්

2

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලුම ක්‍රීඩකයන් දැවී ලකුණු 307ක් ලබා ගැනීමට සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පකිස්තානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩාවිඩ් වර්නර් පන්දු 111ක් තුළදී හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමග ලකුණු 107ක් ලබාගැනීමට සමත් විය. මේ අතර අරෝන් ෆින්ච් පන්දු 84කදී හයේ පහර හතරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 82ක් ලබාගැනීමට සමත් විය. ෂෝන් මාර්ෂ් ලකුණු 23කට දැවී ගියා. ග්ලේන් මැක්වෙල් සහ ඇලෙක්ස් ක්රේ ලකුණු 20 බැගින් ලබාගැනීම සමත් විය.
පන්දු යැවීමේදී මොහම්මද් අමීර් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාර දෙකක්ද යොමු කරමින් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. සහීන් ෂාහ් අෆ්රිඩි කඩුලු දෙකක්ද හසන් අලි, වහබ් රිආෂ් සහ මොහම්මඩ් හෆීස් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.
ඒ අනුව මෙම තරගයෙන් ජය ගැනීම සඳහා පකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 308ක් ලබාගත යුතු වනවා.

Your Comments