ඉන්දියාවට කඩුලු 03 ක ජයක්

16

ඕස්ට්‍රේලියාව සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

ඒ, අද නිමා වූ අවසන් ටෙස්ට් තරගයෙන් ඉන්දියාව කඩුලු‍ 3ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය බි්රස්බේන් හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, එම ක්‍රීඩාංගනයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ටෙස්ට් තරගයක් පරාජයට පත් වූයේ 1988 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට සිය දෙවන ඉනිමේ දී හිමි වූ ඉලක්කය ලකුණු 328ක්.

එය කඩුලු‍ 7ක් දැවී පසු කර යාමට තරගයේ අවසන් දිනයේ දී ඉන්දියාව සමත් වුණේ බෝර්ඩර් ගවස්කාර් කුසලානය යළිත් වරක් තමන් සතු කර ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 369ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 336 ක් පමණයි.

අනතුරුව ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම සදහා සියලු‍ දෙනා දැවී ලකුණු 294ක් ලබා ගත්තා.

තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස්.

 

 

Your Comments