ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගය දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ටෙම්බා බවුමාට අහිමිවෙයි

21

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ටෙම්බා බවුමාට අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු සිය පාදයක ආබාධයකට ගොදුරු වී සිටීම හේතුවෙන්.
එංගලන්තය සමග නිමා වූ තෙවැනි 20යි 20 තරගයේ පන්දු රකිමින් සිටියදීයි ඔහු මෙම ආබාධයට ගොදුරු වුණේ.
එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉතා ඉහළ දස්කම් දැක් වීමට ටෙම්බා බවුමා සමත් වුණා.
ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග ලබන 21 වනදා ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Your Comments