ඔස්ටේ‍්‍රලියාවට ‘දහස් ජය’ ගෙන ආ ’34ක පරාජය’

22

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වුණා.

සිඞ්නිහී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 5ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 288ක්.

පීටර් හැන්ඞ්ස්කොම්බ් ලකුණු 73යි.

උස්මාන් කවාජා ලකුණු 59ක් සහ ෂෝන් මාෂ් ලකුණු 54ක් රැුස් කරමින් ඔස්ටේ‍්‍රලියානු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් සහ බුවනේෂ්නර් කුමාර් කඩුලූ 2 බැගින් බිද හෙලූවා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දියාවට කඩුලූ 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 254ක් පමණයි.

රෝහිට් ෂර්මා ලකුණු 133යි.

ඉනිමේ පළමු කඩුලූ 3 ලකුණු 4ක් තුළ දී බිද වැටුණා.

කෙසේ වෙතත් අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණූ 137ක සබදතාවයක් ගොඩ නැගීමට රෝහිට් ෂර්මා සමග එක් වූ මහේන්ද්‍ර සිං දෝනි සමත් වුණා.

දෝනි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51ක්.

පන්දු යැවීමේ දී ජේ රිචර්ඩ්සන් කඩුලූ 4ක් බිද හෙලූවේ සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 26ක් පමණක් ලබා දෙමින්.

මෙය ඔස්ටේ‍්‍රලියාව ජය ගත් දහස් (1000) වැනි ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

Your Comments