ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් නව ලෝක වාර්තාවක්

4

මැග් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව එක්දින ජාත්‍යන්තර තරග 22ක් ජය ගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

මීට පෙර එවැනි දක්ෂතාවයක් දැක් වීමට කිසිදු පිරිමි හෝ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සමත් වී තිබුණේ නැහැ.

2003 වසරේ දී රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් ඔස්ටේ්‍රලියානු පිරිමි කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 21ක් ජය ගනිමින් මීට පෙර අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමිනුයි ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම මෙම ලෝක වාර්තාව තමන් ඉදිරියේ සටහන් කර ගනු ලැබුවේ.

Your Comments