එල්.පී.එල්. ඇරඹීමට සියල්ල සූදානම්

27

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තරගාවලිය වෙනුවෙන් වන පෙර පුහුණුවීම් එළඹෙන 23 වනදා ආරම්භ වීමට නියමිතයි.
ඒ සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ දීයි.
අදාළ පුහුණුවීම් විශේෂ සැලැස්මකට අනුව ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ඇතුලත් නොවන ක්‍රිඩකයින් සහ විදෙස් ක්‍රිඩකයින් 10 දෙනෙක් පමණ මේ වන විටත් හම්බන්තොට හෝටල් කිහිපයක රැදී සිටිනවා.
මෙන්ම පලේකැලේ ක්‍රිඩාංගණය තුළ විශේෂ පුහුණු සැසියකට ඇතුලත් වී සිටින ක්‍රිඩකයින් කිහිප දෙනෙකු ද එළඹෙන 22වනදා හම්බන්තොටට කැදවීමට නියමිතයි.
එල් පී එල් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිකකයින්ගේ පී සි ආර් පරීක්ෂණ අද පෙරවරැවේ සිදු කිරීමට නියමිතව තිබුණා.
එමෙන්ම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ සේවය කළ ක්‍රිඩා භාණ්ඩ ඔසවාගෙන යන්නෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හදුනා ගැනුණා.
එය එල් පී එල් තරගාවලියට කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලී ද සිල්වා මහතා පැවසුවේ.
තරගාවලිය මේ මස 26 වනදා සිට දෙසැම්බර් 16 වනදා දක්වා සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Your Comments